Gossips

සුළං සහ වැසි ඉදිරි දිනවලත්

නිරිතදිග මෝසම සක්‍රියවීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම බස්නාහිර, දකුණු, මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.