Gossips

සුළං වේගය තවදුරටත් ඉහළට

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව කියා සිටියේ දිවයින හරහා ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි.
එමෙන්ම සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.