දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද දිනයේත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකියි.
එමෙන්ම, මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා මෙන්ම, හම්බන්තොට සිට මඩකලපුව දක්වා සුළං වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි අතර, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ.
