දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60ත් දක්වා ඉහළ යා හැකියි.
එමෙන්ම, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (10) පස්වරුවේ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
