Gossips

සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, මධ්‍යම කදුකරයට ඇද හැලූණු වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ බිද වැටී ඇති විදුලි සැපයුම මේ වනවිට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.
දිස්ත්‍රික්කයේ නිවාස 17,000 කට පමණ මෙහිදී විදුලිය බිද වැටුණු අතර, එය තවමත් යථා තත්ත්වයට පත් කර නොමැති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.
එසේම, අධික වර්ෂාවත් සමග විවෘත කෙරුණු කොත්මලේ, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නෝර්ටන් බ්‍රිජ්, කැනියොන් සහ පොල්ගොල්ල යන ජලාශවල වාන්දොරටු මේ වනවිටත් විවෘතව පවතිනවා.