Gossips

සුහද රග්බි තරගාවලියට පැමිණ හදිසියේ අසනීප වූ අනෙක් රග්බි ක්‍රීඩකයාත් මරුට

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් ගතකර සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා ද මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 12 ට පමණ ඔහු මියගොස් ඇති බවයි.
මීට පෙර 26 හැවිරිදි ඔහු සමඟ රෝහලට ඇතුළත් කළ තවත් රග්බි ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මොහු ඇතුලූ 22 කුගෙන් යුත් රග්බි කණ්ඩායම පසුගිය 10 වනදා මෙරටට පැමිණ තිබූ අතර, අදාළ ක්‍රීඩකයින් දෙදෙනා කොල්ලූපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවකට ගොස් තිබුණා.
එහිදී අධික ලෙස මත්පැන් පානය කර නැවත ඔවුන් ලැගුම් ගෙන සිටි කොළඹ – කොටුව ප්‍රදේශයේ ලැගුම්හල වෙත පැමිණීමෙන් අනතුරුවයි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගතකළේ.
මියගිය අනෙක් ක්‍රීඩකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුනු අතර මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
එහිදී තීරණය කර ඇත්තේ එම මරණය තුවාල සිදුවීමකින් හෝ රෝගයකින් සිදුවූ මරණයක් නොවන බවටයි.
සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට තීරණය කර තිබෙනවා.