Gossips

සුසිල් වගකීම ගැන කියයි

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා නිදහස් පක්ෂය විසින් තමාට නාමිකව පමණක් වගකීම් ලබාදුන් බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයේ වගකීම සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන් යුත් මැතිවරණ මෙහෙයුම් කමිටුව භාර ගත යුතු බවට එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.
ඒ, පක්ෂ මූලස්ථානයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ මැතිවරණයේ පරාජයේ වගකීම සියල්ලන් විසින් දැරිය යුතු බවයි.