සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ චන්දිම වීරක්කොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
ආසන බල මණ්ඩල නොපැවැත්වීම හේතුවෙන් ඔවුන් මෙලෙස ආසන සංවිධායක ධුරවලින් ඉවත් කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 15 දෙනාගේ කණ්ඩායම සහභාගි නොවීමද විශේෂත්වයක්.
