Gossips

සුසාන භූමියක තනිකර ගිය කාන්තාවක් පොලිසිය භාරයට (ඡායාරූප)

වයස අවුරුදු 70ක් පමණ වන කාන්තාවක් කිසියම් අයෙකු විසින් මාදම්පේ – පනිරෙන්දාව පොදු සුසාන භූමියට ගෙනවිත් දමා සිටියදී ප්‍රදේශවාසීන් විසින් මාදම්පේ පොලීසියට බාරදීමට කටයුතුකර තිබෙනවා.
ඊයේ (22) දහවල් සුසාන භූමියේ ඇති පාළු ගොඩනැගිල්ලක් තුළ කාන්තාවක් සිටින බව දැක ඇති ප්‍රදේශවාසීන් විසින් ඒ පිළිබඳව පොලිය දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන්න කළේ.
යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් ඇයව මෙලෙස ගෙනවිත් දමා ගොස් ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙලස දමාගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර ප්‍රදේශවාසීන් විසින් ඇයට අවශ්‍ය ඇදුම් පැළදුම් සහ ආහාර පානද ලබාදීමට කටයුතුකර තිබු බවයි අප වාර්තාකරු පැවසුවේ.
මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් අදාල කාන්තාව ප්‍රතිකාර සදහා ගල්මුරුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම කාන්තාව කාගේ කව්රුන්ද, ඇය සුසාන භූමිය ගෙනවිත් දැමුවේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

ඡායාරූප – පුත්තලම, ජූඩ් සමන්ත