Gossips

සුසන්තිකා සහ දර්ශාගෙන් පසු ලංකාවට බලාපොරොත්තුවක්

අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වෙමින් මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක වාර්තාකළ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා.
ඒ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාට පසුවයි.
මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ දෙවන මූලික වටයට එක් වූ ෂෙලින්ඩා ජැන්සන් තරගය නිම කළේ පළමුවැන්නා ලෙසයි.
ඇය දැක් වූ දක්ෂතාව 24.07.
මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් අතරින් කාළ ගණනයට අනුව ඇයට හිමිව ඇත්තේ ලොව 9 වැනි ස්ථානයයි.
ඇය මෙම ඉසව්වේ වාර්තා කළ කාලය ඇයගේ ද පෞද්ගලික හොදම කාලය ද වනවා.
සුසන්තිකා ජයසිංහ – 23.18 – 1994 වර්ෂයේදී
දමයන්ති දර්ශා – 23.21 – 1994 වර්ෂයේදී
‍ෂෙලින්ඩා ජැන්සන් – 24.07 – 2018 වර්ෂයේදී
rnrn

rn