Gossips

සුවහසක් බැතිමතුන්ගේ සාදු නාද මැද හිරු ශාක්‍යසිංහ මංගල්‍යය රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඇරඹේ

උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් යුතුව අනුරාධපුර රුවන්වැලි මහසෑ රඳුන් අභියසදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි රුවන්වැලිසෑ පිං බිමේ අද ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව සංවිධානය කර තිබෙනවා.
අද දහවල් කාලයේ රුවන්වැලි මහා සෑ පුද බිමේ සළපතල මළුව උණුසුම් වීම නිසා බැතිමතුන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බුමුතුරුණු පූජාවක් සිදු කිරීම විශේෂත්වයක්.
එසේම, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්් සහ දොළොස්මහේ පහනක් පින් බිමට පූජා කිරීමත් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදුවනවා.
අද පස්වරුවේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ආලෝක ප්‍රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාවත්, අධිෂ්ඨාන පූජාවත් මේ යටතේ සිදුකිරීම විශේෂත්වයක්.
මේ අතර, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබූ, හිරු උත්තම ධාතු වන්දනා පිංකම ඵෙතිහාසික අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී හෙට අලූයම ආරම්භ වනවා.
වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරය සතු කපිලවස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් ද සියලූ පහසුකම් සැළසීමට හිරු එෆ්, හිරු ටී.වී ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනා මානයට ඉඩ සලසන උත්තම ධාතු වන්දනාව මැයි දෙවනදා දක්වා පැවැත්වීමට නියමිතයි.