සුවසැරිය ගිලන් රථ සේවාව ඉන්දීය ආධාර යටතේ උතුරු පළාතට ලැබුණු වටිනා සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම ගිලන් රථ සේවාවේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යාපනයේ නගර සභා භූමියේ අද පස්වරුවේ පැවති උත්සවයට එක්වෙමින්.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සිය සුබ පැතුම් එක් කළේ සිංහල භාෂාව ද යොදා ගනිමින්.
