Gossips

සුලෝහිත සංග්‍රාමය ඇරඹේ

ආනන්ද – නාලන්දා විදුහල් අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමය, කොළඹ – එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ නාලන්දා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 93 ක් ලබා සිටියා.
මේ අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර, 85 වන ශාන්තුවරයන්ගේ සටනේ දෙවන දිනය වන අද සිය දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශාන්ත පීතර පිල දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 27 ක් ලබා සිටියා.
ඔවුන් මුල් ඉනිම සඳහා ලකුණු 219 ක් රැස් කළ අතර, ශාන්ත ජෝෂප් පිල මුල් ඉනිම සඳහා කඩුලූ 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 286 ක්.