Gossips

සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට සහනයක්

සුලු හා මධ්‍ය පරිමාණ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් වසර 5 කට ආදායම් බද්දෙන් නිදහස් කර තිබෙනවා.
බදු අනුපාතය ද සියයට 28 සිට සියයට 14 දක්වා අඩුකර ඇති බවයි මුදල් අමාත්‍යංශය කියාසිටියේ.
ඒ අනුව තේ, කුලු බඩු, පොල්, රබර්, වී, පළතුරු, එළවලු ඇතුලු කෘෂිකාර්මික අංශයෙන් ලැබෙන ආදායම්වලට මෙම සහනය අදාළ වනු ඇති.
එමෙන්ම කුඩා ව්‍යාපාරවල ආර්ථික සේවා ගාස්තුව අදාළ වන ආදායම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 12.5 සිට කාර්තුවකට රුපියල් මිලියන 50 දක්වා ඉහළ නැංවීමට ද යෝජනා වී තිබෙනවා.