Gossips

සුරූපී රංගන ශිල්පිණිය අධ්‍යක්ෂකවරුන් ඉල්ලූ ලිංගික අල්ලස් ගැන හෙළිකරයි

සුරූපී බොලිවුඩ් නිළියක්වන මල්ලිකා ශෙරාවට් සිදුකළ ප්‍රකාශයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඇය පවසන්නේ චිත්‍රපටයක රංගනය සඳහා අවස්ථාවක් ලබාගැනීමට ලිංගික අල්ලස් මුල්වන බවයි.
එහිදී ඇය සඳහන් කරන්නේ ඇතැම් අධ්‍යක්ෂකවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් අගනා අවස්ථා ඇයට අහිමි වූ බවයි.
චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ නළුවන් රඟපෑමට එක්වන සුරූපී නිළියන් සමඟ කායික සබඳතා පැවැත්වීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ට සිනමාවේ ගමන් මගක් නැති බවයි ඇය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශයත් සමඟ බොලිවුඩ් සිනමා ලෝකයේ මහත් කැළඹීමක් ඇතිවී තිබෙනවා.
මීට පෙර අවස්ථා ගණනාවකදී හොලිවුඩ් රංගන ශිල්පිනියන් ද සිනමාවේ දැවැන්තයන් විසින් සිදුකළ ලිංගික හිංසනයන් පිළිබඳව හෙළිදරව් කළා.
ඇතැම් සම්මාන උළෙලවලදී හොලිවුඩ් රංගන ශිල්පිනියන් සිනමාවේ ලිංගික හිංසනයන්වලට විරෝධය පලකිරීමේ අවස්ථාද වාර්තා වූවා.