Gossips

සුරූපී බිරිඳ දරු දෙදෙනා සමඟ සැමියා මැරුණු අයුරින්ම සියදිවි හානිකරගනී

පුද්ගලයෙක් ව්‍යාජ ලෙස තමන් අනතුරකින් මිය ගිය බවට ඇඟවූ පසු ඔහුගේ බිරිඳ සිය දරු දෙදෙනා සමඟ සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයෙන්.
මූල්‍ය ගැටළුවක් සඳහා රක්ෂණ වන්දියක් ලබාගැනීමට ඔහු මෙලෙස ව්‍යාජ ලෙස මිය ගිය බවට අඟවා ඇති බවටයි එම වාර්තා පෙන්වාදෙන්නේ.
කෙසේ වෙතත් මෙලෙස ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා අවාසනාවන්ත ලෙස සියදිවි හානිකරගැනීමෙන් අනතුරුව ඔහු පොලිසිය වෙත පැමිණ භාර වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
අදාළ පුද්ගලයා විසින් කුලී පදනම මත ලබාගත් මෝටර් රථය ගඟකින් සොයාගත් අතර එහි ඔහුගේ මළසිරුර හමුවී නොමැති බවයි සඳහන් වන්නේ.
එහිදී අනුමාන කර ඇත්තේ එම පුද්ගලයා මියගොස් ඇති බවටයි.
කෙසේ වෙතත් මෙම පුද්ගලයා මේ පිළිබඳව සිය බිරිඳ දැනුවත් කර නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව ඔහුගේ බිරිඳ තම සැමියා අදාළ අනතුරෙන් මියගිය බවට විශ්වාස කර තිබෙනවා.
පසුව ඇය ලිපියක් ලියා තබා සිය දරුවන් දෙදෙනා සමඟ විලකට පැන සියදිවි හානිකරගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ සැකකාර සැමියාගේ ව්‍යාජ මරණයෙන් සති කිහිපයකට පසුව ඔහුගේ බිරිඳගේ සහ දරු දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ නිවස පසුපස විලක තිබී හමුවූවා.
ඉන් අනතුරුවයි මෙම පුද්ගලයා පොලිසිය වෙත පැමිණ සියල්ල පාපොච්චාරණය කර ඇත්තේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් යුආන් 100,000කට අධික මුදලක් ණය වී ඇතැයි බවයි.
සිය ව්‍යාජ මරණයට පෙර සැකකාර සැමියා විසින් ජීවිත අමෙරිකානු ඩොලර් 145,000 රක්ෂණාවරණයක් ලබාගෙන තිබෙනවා.
අදාළ ජීවිත රක්ෂණාවරණයේ ප්‍රතිලාභියා ලෙස සැකකරු සිය බිරිඳ නම් කර තිබූ බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.
මොවුන්ට සිව් හැවිරිදි පිරිමි දරුවෙකු සහ 3 හැවිරිදි ගැහැණු දරුවෙකු සිටිනවා.
එම 3 හැවිරිදි ගැහැණු දරුවා අපස්මාර රෝගී තත්වයෙන් පීඩා විඳ ඇති අතර ඒ පිළිබඳව පවසමින් ප්‍රතිකාර ලබාගැනීමට මුදල් ආදර ඉල්ලා ඔහු මීට පෙර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද එක්කර තිබුනා.
එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ සැකකරුට එරෙහිව රක්ෂණ වංචා සහ හිතාමතා දේපළ හානි සිදු කිරීම යන චෝදනා යටතේ නඩු පවරන බවයි.