Gossips

සුරූපී නිරූපිකාව විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගත් හැටි

සුවිශේෂ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමෙන් අනතුරුව සුරූපී නිරූපිකාවක් සියදිවි හානිකරගත් පුවතක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පාකිස්තානයේ සුරූපී නිරූපිකාවක් වන Anam Tanoliයි.
ඇය සියදිවි හානිකරගැනීමට පෙර විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබීම විශේෂත්වයක්.
අදාළ වීඩියෝව ඔස්සේ ඇය සඳහන් කර ඇත්තේ නවක වදය පිළිබඳවයි.
එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙලෙස තවත් පුද්ගලයන්ට හිරිහැර කරන්නේ මානසික ව්‍යාධියකින් පෙලෙන්නන් බවයි ඇය පවසන්නේ.
අවසාන වශයෙන් ඇය සඳහන් කරන්නේ එය වැරදි ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත් මෙම නිරූපිකාවද මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ගෙන තිබීම විශේෂත්වයක්.
ඇය සියදිවි හානිකරගෙන ඇත්තේද ඇයගේ මානසික වෛද්‍යවරයා හමුවීමට යොදාගෙන සිටි දිනයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එදින තම දියණියට වෛද්‍යවරයා හමුවීමට සූදානම් වන ලෙස තමන් පැවසූ බවත් ඉන් අනතුරුව ඇය සිය කාමරයට ගොස් එහි දොර වසාගත් බවත් Tanoliගේ මව පවසනවා.
පසුව කළ සෝදිසි කිරීමකදීයි කාමරයේ විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකරගෙන සිටියදී ඇයගේ දේහය හමුවී ඇත්තේ.
එරට බලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඇය මියයාමට ප්‍රථමයෙන් සමාජ මාධ්‍ය වෙත එක්කළ අදාළ වීඩියෝව පහතින්.
rn