Gossips

සුරූපී නිරූපන ශිල්පිණියක් නිවසේදී ගෙල වැලලාගෙන මරුට (ඡායාරූප)

බ්‍රිතාන්‍යයේ චේෂයර් ප්‍රාන්තයේදී සුරූපී නිරූපන ශිල්පිණියක් සිය නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
ඒ සිය 3 හැවිරිදි බිළිඳා ද හඬමින් සිටියදීයි.
සිය සැමියා සමග ඇතිවු පෞද්ගලික ආරවුලක් හේතුවෙන් 23 හැවිරිදි නිරූපණ ශිල්පිණිය සියදිවි හානිකරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සැමියා ව්‍යාපාරිකයෙකු සමග සමුලුවකට සහභාගී වීමට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඇය ගෙල වැලලාගෙන තිබෙනවා.
ඔහු ඊට තනිව සහභාගී වී ඇත්තේ එය ව්‍යාපාරික කටයුත්තක් හේතුවෙන් වීම මෙන්ම ඊට බිරිඳට ඇරයුමක් නොමැති වීම හේතුවෙන්.
කෙසේවෙතත් තම සැමියා වෙනත් කාන්තාවක් සමග රාත්‍රී සාදයකට ගොස් ඇතැයි සිතු නිරූපණ ශිල්පිණිය ඒ සම්බන්ධයෙන් කෙටි පණිවුඩ මාර්ගයෙන් බැන වදිමින් ඔහුගෙන් විමසා ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
එහිදී ඇය ප්‍රකාශකර ඇත්තේ වහාම නිවසට පැමිණෙන ලෙසටයි.
කෙසේවෙතත් ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි සැමියාට හදිසියේ පැමිණීමට හැකියාවක් ලැබී නැහැ.
ඔහුගේ ජංගම දුරකථයේ ද බැටරිය අක්‍රිය වීම හේතුවෙන් අදාළ කෙටි පණිවුඩ ද ඔහුට කියවීමට හැකියාවක් තිබී නොමැති බවටයි අනාවරණ වී ඇත්තේ.
ව්‍යාපාරික කටයුතුවලින් පසු රාත්‍රිය මිතුරෙකුගේ නිවසේ සිටි ඔහු පසුදා නිවසට පැමිණෙ විට සිය බිරිඳ සිය දිවි හානිකරගෙන සිටින අයුරු දැක තිබෙනවා.
සැමියා නිවසට පැමිණෙන විටත් කුඩා බිළිඳා හඩමින් සිට තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ තම බිරිඳ දියණියට ඉතා සෙනෙහෙබර මවක් වු බවයි.
එමෙන්ම තම බිරිඳ ඉතා ධෛර්යමත් කාන්තාවක් බව ද ඔහු පෙන්වාදී තිබෙනවා.
බිරිඳගේ මරණය තමාට අදහාගත නොහැකි බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.