Gossips

සුරා බදු වැටලීම් වැඩි වේ

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09 ක කාලය තුළ සිදුකරන ලද වැටලීම්වලදී සිද්ධීන් 36,369 ක් නීතියේ රැහනට හසුකර ගැනීමට හැකිවී තිබෙනවා.
මෙය පසුගිය වර්ෂයේ එම කාල සීමාව තුළදී සිදුකරන ලද වැටලීම් ප්‍රමාණයට වඩා 1,630 ක වැඩිවීමක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව සුරා අපරාධ 26,268 කට සහ මත්ද්‍රව්‍ය සහ දුම්කොල සම්බන්ධ අපරාධ 8,598 කට මේ වසරේදී දැනට නීතිමය පියවර ගෙන ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.