වෙසක් සමය ඉලක්ක කර ගනිමින් මෙතෙක් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 670 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
වැටලීම් 850කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති අතර, එහිදී මත්පැන් සම්බන්ධයෙන් වන අපරාධ 778 ක් නීතියේ රැහැනට හසු කර ගැනීමට ඔවුන් සමත්වී තිබෙනවා.
ඉන් බහුතරය නීතිවිරෝධී ලෙස සීමාව ඉක්මවා මත්පැන් ළග තබා ගැනීම සහ ප්‍රවාහනය යන සිදුවීම්.
නීතිවිරෝධී ලෙස මත්පැන් විකුණූ 191 දෙනෙකු ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
