සුරාබදු වැටලීම් සිදුකිරීමටත්, ඒ සම්බන්ධයෙන් නඩු ගොනු කිරීමටත් පොලීසියට බලතල ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රකාශ කළා.
ඒ වැල්ලම්පිටිය පොලීසිය මගින් පවරන ලද නීති විරෝධී මත්පැන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවරූ නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී විත්තියේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ සහ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පෙනී සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
