Gossips

සුරාබදු ආඥාපනත යටතේ නඩු පවරන්න පොලීසියට බලතල

සුරාබදු අඥාපනත පනත යටතේ පොලිසියට නඩු පැවරිය හැකි බව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ද අද තීන්දු කළා.
ඒ , නීති විරෝධි මත්පැන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් එම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබු නඩුවකට අදාල විරෝධතාවක් සැලකිල්ලට ගනිමින්.
මෙහිදි විත්ති පාර්ශවයෙන් තර්කයක් මතුකර ඇත්තේ සුරාබදු ආඥාපනත යටතේ කිසිදු අයුරකින් පොලිසියට නඩු පැවරිය නොහැකි බවටයි.
පොලිසිය ද අදාල පනත යටතේ නඩු පැවරිමට ඇති හැකියාව පිලිබදව කරුණු දක්වා තිබෙනවා.
ඒ අනුව පැමිණිල්ලෙන් සහ විත්තියෙන් ඉදිරිපත් වු සියලූ කරුණු සැලකිල්ලට ගත් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය සුරාබදු අඥාපනත යටතේ පොලිසියට නඩු පැවරිය හැකි බවට තීන්දු කළා.