පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම විල්පත්තු රක්ෂිතය පිළිබඳව අදහස් පළ කරන්නේ එය නිරීක්ෂණය කිරීමක් හෝ සිදු නොකර බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය පවසනවා.
එහි සභාපති, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ විල්පත්තුව සුරැකීම සඳහා ඊයේ පස්වරුවේ රාජගිරියේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්.
කෙසේ වෙතත්, විල්පත්තු රක්ෂිත වනයේ කිසිදු පාරිසරික හානියක් මෑතකදී සිදුවී නොමැති බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
