Gossips

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් කෙරේ

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, මෙතෙක් ප්‍රතිලාභ ලැබුණු නම් කළ රෝගාබාධවලට අමතරව, පිළිකා, වකුගඩු රෝග ද ඇතුළු සියලූම රෝග ප්‍රතිලාභ සදහා ඇතුළත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධව වැඩිදුර තොරතුරු 0112 35 73 57 හෝ 0112 64 15 55 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගැනීමට හැකි වන අතර, ඊට අදාළ රක්ෂණ කාඞ්පත් කඩිනමින් සිසුන්ට ලබාදෙන බවට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියා.