Gossips

සුරක්ෂා රක්ෂණාවරණ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමුකරන්නැයි ඉල්ලීමක්

සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය සිසුන්ගේ අයදුම්පත් ඍජුවම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
2018 වසරේ ආරම්භ කරන ලද සුරක්ෂා රක්ෂාවරණ වැඩසටහන සදහා ඉදිරිපත් වී සිටින රක්ෂණ සමාගමේ ගිවිසුම් කාලසීමාව දෙසැම්බර් පළමුවනදායින් අවසන් වීම හේතුවෙන් නව ආයතනයක් සමඟ ගිවිසුම් ගත වනතුරු අදාළ ප්‍රතිලාභ ලබාදීමේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදුකරන බවයි වාර්තා වන්නේ.
ඊට අදාළ සියලූම අයදුම්පත් අධ්‍යාපන අධ්‍යක්ෂ, පවුල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමුකළ හැකියි.
එමෙන්ම, 0112 784 163 යන දුරකථන අංකය හරහා සුරක්ෂා රක්ෂාණාවරණයට අදාළ වැඩි විස්තර ලබා ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.