Gossips

සුරංගගේ වේග පන්දුව ඉදිරියේ ඕස්ට්‍රේලියාවේ දිගු ගමන අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 323ක් රැස් කළා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 144ට පිළිතුරු වශයෙන්.
එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Marnus Labuschagne ලකුණු 81ක් රැස්කළ අතර Travis Head ලකුණු 84ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 05ක් බිඳ දැමූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 02ක් බිඳ දැමුවා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 179ක් ඉදිරියෙන් සිටිනවා.
බ්‍රිස්බේන් – ගැබා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ දෙවන දිනය අදයි.