ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි, නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සුබ පැතීම සඳහා එක්ව සිටිනවා.
භාරතීය ජනතා පක්ෂයේ රාජ්‍ය සභා නියෝජිතයෙකු ද වන සුබ්‍රමනියම් ස්වාමි නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ සංසරණය වද්දී, ට්විටර් පණිවුඩයක් නිකුත් කළේ තම මිත්‍ර මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව පවසමින්.
මේ අතර, ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබදව තමන් අවධානයෙන් සිටින බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.
එමෙන්ම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ගරු කරමින්, ප්‍රචණ්ඩත්වයෙන් වැළකී නිසි ක්‍රියාවලීන් අනුගමනය කරන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම මානව හිමිකම්, ප්‍රතිසංස්කරණ, වගවීම්, යුක්තිය සහ සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජිනිවා හිදී පළ කළ කැපවීම් ලක් රජය විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කළා.