Gossips

සුපිරි වෙළඳසැලේ සොරකම CCTV කැමරාවේ සටහන්වෙයි

ඉංගිරිය, උඩුගහපත්තුව ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට රාත්‍රී කාලයේ ඇතුලු වූ පුද්ගලයන් දෙදෙනෙක් භාණ්ඩ සොරකම් කිරීමක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය (31) වනදා මධ්‍යම රාත්‍රියේදීයි මෙම සොරකම සිදුව ඇත්තේ.
සැකකරුවන් දෙදෙනා සුපිරි වෙළඳසැලේ පිටුපස දොරෙන් ඇතුල්වී භාණ්ඩ සොරාගෙන ඇති බව සඳහන්.
සොරකම් කළ භාණ්ඩවල වටිනාකම මෙතෙක් ගණනය කර නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
අදාළ සිද්ධිය එහි සවිකර තිබු ආරක්ෂක කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.