Gossips

සුපිරි විස්සයි විස්ස තරඟාවලිය ඇරඹුමේ ම සංගා පිටිය සැණකෙළියක් කරයි

ඊයේ ආරම්භ වූ Pakistan Super League තරඟාවලියේ පළමු ජය වාර්තා කරගැනීමට Multan Sultans කණ්ඩායම සමත්වුනා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Peshawar Zalmi කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 151 ක් රැස්කලා.
කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Multan Sultans කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.
එහිදී Multan Sultans ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් ආරක්ෂාකාරී අගනා ඉනිමක් ගොඩනගා සුපිරි ඉනිමක් ක්‍රීඩා කිරීම හේතුවෙන්.
Multan Sultans කණ්ඩායමේ මුල්පෙළ කඩුලු එකපෙළට දැවී යද්දී සංගා ආරක්ෂාකාරීව පන්දුවට පහරදෙමින් ලකුණු 57 ක් රැස්කරගත්තේ පන්දු 51 කදීයි.
එයට හතරේ පහර 3ක් සහා හයේ පහර 2 ක් ඇතුලත්.
අනතුරුව පිටියට පිවිසි නායක Shoaib Malik සංගාගේ ආරක්ෂාකාරී ඉනිමට වඩා වැඩි වටිනාකමක් එක්කරමින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රාහී සීමාවට රැගෙන ගියා.
තරඟයේ වීරයා වූයේ සුපිරි ක්‍රීඩක සංගා.
සංගාගේ සුපිරි ඉනිම ඇතුළු එම තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn