Gossips

සුපිරි වැඩකරු සංගා යළිත් පිත්තෙන් පිටිය දෙවනත් කරයි

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පිටිය උණුසුම් කළ තවත් සුපිරි තරඟයක් ඊයේ පැවැත්වුනා.
ඒ Multan Sultans කණ්ඩායම සහ Lahore Qalandars කණ්ඩායම අතරයි.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Multan Sultans වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සංගා වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
ඒ පළමු තරඟයේ මෙන්ම ආරක්‍ෂිත ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 44 කදී ලකුණු 63 ක් රැස්කරමින් කණ්ඩායම ජයග්‍රාහී සීමාවට ගෙනයාම හේතුවෙන්.
එහිදී සංගා හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් එල්ලකලා.
කෙසේ වෙතත් තරඟයේ වඩාත් ම උණුසුම් වූයේ Multan Sultans කණ්ඩායමේ අභියෝගය වූ ලකුණු 179ක ඉලක්කය ජයගැනීමට Lahore Qalandars පිටියට පිවිසීමත් සමඟයි.
එම ඉල්ලකය සුනුවිසුනු කළ Multan Sultan සුපිරි පන්දු යැවීම වෙත ඊයේ තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.
එහිදී විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ Imran Tahir තරඟයේ වීරයා වෙමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූවා.
මේ අතර Lahore Qalandars ඉනිම වනසා දමමින් අවසානයේ ක්‍රියාත්මක වූ Junaid Khan කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් වූවා.
කඩුල්ලක් දවාගැනීමෙන් අනතුරුව පොලාඩ් විසින් පිටිය මැද බිම හිඳගනිමින් සිදුකළ අමුතු අභිනය වෙත ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූවා.
තම කණ්ඩායමේ ජයට උරදුන් පොලාඩ් කඩුලු 2 ක් දවාගත්තා.
ඒ අනුව සියලුදෙනා දැවීගොස් Lahore Qalandars කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 136ක් පමණයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrn
rnrn