Gossips

සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ නීල් අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි

සුපිරි මෝටර් රථයේ අමුතු සෙල්ලමක් දැමූ මාතරම හෙල්ලූ "නීල්" අද කොටුවේගොඩදී පොලිසිය ඉදිරියේ දණ ගසයි"
මාතර කොටුවේගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ හෙරොයින් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් පමණ වන බවටයි වාර්තාවන්නේ.
මාතර දිසා දූෂණ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුවයි අද (19) උදෑසන අදාළ වැටලීම සිදුකර ඇත්තේ.
එහිදී මෝටර් රථයේ සිටි එක් අයෙකු සන්තකයේ තිබී මෙම හෙරොයින් ග්‍රෑම් 50 හමුවී ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු කලක් තිස්සේ මෙලෙස හෙරොයින් ජාවාරමේ නිරතව සිටින නීල් නමැති අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
එම පුද්ගලයාට එරෙහිව අධිකරණ කිහිපයක හෙරොයින් ප්‍රවාහනය සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් නඩු කිහිපයක් පවතින බවයි අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් අද අධිකරණය වෙත වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.