Gossips

සුපිරි මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට බුකිය කළඹමින් පළවූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

සුපිරි මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට බුකිය කළඹමින් පළවූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න "
ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන බුකියේ පළවන කතාවේ
ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්කර දිමුත් කරුණාරත්න නායකත්වයට පත් කිරීමත් සමඟ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වී තිබෙනවා.
තමන් ජාත්‍යන්තර එක්දින පිටියේ යළි හමුනොවන බවට සඳහන් පුවතක් ද ලසිත් මාලිංගගේ නමින් ක්‍රියාත්මකවන ෆේස්බුක් පිටුවක පළකර තිබීම මෙම පුවත පැතිර යාමට තවත් හේතුවක් වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප ලසිත් මාලිංගගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් ෆේස්බුක් භාවිත නොකරන බවයි.
අදාළ ෆේස්බුක් පිටුව ඔහුගේ නමින් ව්‍යාජ ෆේස්බුක් පිටුවක් බවද ඔහු තහවුරු කළා.
කෙසේ වෙතත් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මාලිංග, ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට සුදානම් වන බවට පළවන පුවත පිළිබඳව දැඩි කතාබහක් මේ වනවිට ඇතිව තිබෙනවා.