Gossips

සුපිරි පිතිකරු යලි කණ්ඩායමට කැඳවයි

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සල්මන් බට් වසර 8 කට පසු මුල් වරට තම රටෙන් පිටත ක්‍රිකට් තරඟාවලියකට අවතීර්ණ වීමත් සමඟ ඒ පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔහු මෙලෙස එක්වීමට සූදානම් වන්නේ Dhaka Premier League පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය සඳහායි.
2010 වසරේ ඔහු ඇතුළු තවත් පකිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකුට ICC ය විසින් තරඟ තහනමක් පනවනු ලැබුවා.
මෙලෙස තහනමට ලක්වූ අනෙක් දෙදෙනා වන්නේ මොහොමඩ් අසීෆ් සහ මොහොමඩ් අමීර් යන ක්‍රීඩකයන්.
ඔවුන්ට එල්ලවූ චෝදනාව වන්නේ ඔට්ටු තබන්නන් හා එක්ව මුදලට තරඟ පාවාදීමයි.
එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ 2010 වසරේ අගෝස්තු මාසයේ පැවති ටෙස්ට් තරඟයකදීයි ඔවුන්ට මෙම චෝදනා එල්ලවන්නේ.
කෙසේ වෙතත් අදාළ තහනම වසර 5 ක් ක්‍රියාත්මක වූ අතර පසුව මොහොමඩ් අමීර් නැවත තරඟ සඳහා එක්වුවද මොහොමඩ් අසීෆ් සහ සල්මන් බට් නැවත පිටියට එක්වූයේ නෑ.
හිටපු නායක සල්මන් බට්ගේ නැවත පැමිණීම පිළිබඳව අදහස් පළකරමින් විචාරකයන් සඳහන් කරන්නේ ඔහුගේ අතීතය පලක් නොවන අතර වර්තමානයේ ඔහුගේ හැකියාව පිලිබඳව පමණක් සැලකිලිමත් වියයුතු බවයි.
සල්මන් බට් මෙම Dhaka Premier League තරඟාවලියට එක්වන්නේ ෂකිබ් අල් හසන් ගේ නායකත්වයෙන් Mohammedan Sporting Club හරහායි.
මෙම තරඟයට සල්මන් බට් ක්‍රීඩා කිරීමත් සමඟ ඔහු නැවත ජාතික කණ්ඩායමට එක්කර ගැනීම පිළිබඳව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරත් වාර්තා කරන්නේ.