Gossips

සුපිරි පාපන්දු ශූරයාට අත්හිටවූ සිර දඩුවමක්

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වසර දෙකකට අත්හිටවු සිර දඩුවමක් නියමකර තිබෙනවා.
ඒ ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හේතුවෙන්.
මෙම දඩුවමට අමතරව යුරෝ මිලියන 18.8 ක බදු මුදලක් ගෙවීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
එල්ලවී ඇති චෝදනා රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබු අතර පසුව එම චෝදනා පිළිගෙන තිබුනා.
2011 වසරේ සිට 2014 වසර දක්වා යුරෝ මිලියන 12.9 ක බදු මුදලක් ගෙවීම පැහැර හැරි බවටයි සුපිරි පාපන්දු ශූරයාට චෝදනා එල්ලවී ඇත්තේ.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩා් පෘතුගාල කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතයි.
පෙර වැරදි නොමැතිවීම හේතුවෙන් ඔහුට අත්හිටවු සිර දඩුවම් නියමකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.