Gossips

සුපිරි පාපන්දු කණ්ඩායම රැගෙන ගිය ගුවන් යානයේ හදිසි ගින්නක්

රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටි සවුදි අරාබි කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වී තිබෙනවා.
යානයේ තටුවක එන්ජිමක හටගෙන ඇති මේ ගින්න හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නැති අතර යානය සාර්ථකව රෝස්තොව් ගුවන් තොටුපළේ ගොඩබෑමට ගුවන් නියමුවන් සමත්වුණා.
යානය ගුවන්ගතවී ටික වෙලවකින් මේ ගින්න හටගෙන ඇති බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් සවුදි පාපන්දු බලධාරීන් පවසන්නේ එය යානයේ සිදු වූ සුළු කාර්මික දෝෂයක් නිසා ඇති වූ තත්වයක් බවත් එම සිද්ධියෙන් තම කණ්ඩායමේ කිසිවකුටත් උපද්‍රවයක් සිදු නොවූ බවයි.