Gossips

සුපිරි පළාත් එක්දින අවසන් තරඟය කල් යයි

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය කල් දමා තිබෙනවා.
ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය කල් දමා ඇත්තේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්.
කොළඹ සහ ගාල්ල කණ්ඩායම් මේ වන විට සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා.