Gossips

සුපිරි පන්දු වාරයෙන් දකුණු අප්‍රිකාවට ජය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයේ සුපිරි පන්දු වාරයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට ජය හිමිවූවා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 134 ක් රැස්කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් රැස්කරගත් අතර තරඟයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දු වාරයක් යැවීමට තීරණය කෙරුණා.
ඒ අනුව එහිදී තරඟයේ ජය දකුණු අප්‍රිකාවට හිමිවූවා.
තරඟයේ ජය පැරදුම තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යැවීමට විනිසුරුවන් තීරණය කළා.
ඒ අනුව සුපිරි පන්දුවාරය ලසිත් මාලිංග පන්දු යැවීමට තීරණය කළ අතර එහිදී දකුණු අප්‍රිකාව හැකි වූ අතර එහිදී ඔවුන් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා.
ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ ලබා ගත හැකි වුයේ ලකුණු 5ක් පමණක් වන අතර දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම භාර වුයේ ඉමරාන් තාහිර් හටයි.
තරඟයේ වීරයා සම්මානය දිනා ගැනීමට ඩේවිඩ් මිලර් සමත් වුණා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරඟය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

rn