Gossips

සුපිරි පන්දු යවන්නා රෂීඩ් උපන්දිනය දා පිතිකරුවෙක් වෙයි

ආසියානු කුසලානයට අදාළව ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟය ලකුණු 136 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 255 ක් රැස් කළා.
ආරක්ෂාකාරීව පන්දුවට පහරදෙමින් Hashmatullah Shahidi ලකුණු 58ක් රැස්කරගත්තේ කණ්ඩායම ලකුණු පුවරුවේ ස්ථාවර කරමින්.
Gulbadin Naib ලකුණු 42ක් රැස්කළා.
එහිදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූයේ ඊයේ සිය උපන්දිනය සමරමින් බංගලාදේශ කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ලකල රෂීඩ් ඛාන් වෙතයි.
වෙනදාට පන්දුවෙන් පිටියේ සිය අනසක පතුරුවන ඔහුගේ පිත්තෙන් හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමඟ කණ්ඩායමට එක්වූ ලකුණු සංඛ්‍යාව 57 ක්.
පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් පන්දු වාර 10 ක් යොමුකළ Shakib Al Hasan කඩුලු 4 ක් දවාගත්තා.
Abu Hider කඩුලු 2 ක් සහ Rubel Hossain කඩුලු 1 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශය පන්දුවාර 42 යි එක් පන්දුවකදී බංග්ලාදේශ කණ්ඩායම සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 119 ක් පමණයි.
එහිදී Shakib Al Hasan ලකුණු 32 ක් රැස්කළා.
යලිත් පන්දු යැවීමේදීද සිය සුපුරුදු පෙරළිකාර පන්දු යැවීම ඔස්සේ බංගලාදේශ කඩුලු 2ක් උදුරාගැනීමට රෂීඩ් ඛාන් සමත්වන්නේ ඇෆ්ගනිස්තානයේ ජය තහවුරු කරමින්.
එහිදී ප්‍රතිවාදීන් වෙත ලකුණු 13 ක් පමණක් ලබාදෙන රෂිඩ් තමන් යොමුකළ පන්දුවාර 9 තුළ නිලකුණු පන්දුවාර 3 ක් යොමුකිරීමද විශේෂත්වයක්.
මේ වනවිට එක්දින පන්දුයවන්නන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටින රෂීඩ් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ අංක 1 හිමිකරගෙන සිටිනවා.
Mujeeb Ur Rahman සහ Gulbadin Naib කඩුලු 2 බැගින් දවාගත්තා.
තරඟයේ වීරයා වූයේ රෂිඩ් ඛාන්.