Gossips

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා හෙට තරඟයට කණ්ඩායමට කැඳවයි

නිදහස් කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ හෙට (16) තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මේ වන විට ඔහුගේ ඇඟිල්ලේ ඇතිව තිබූ අබාධය සුවවී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව බංග්ලාදේශ 20 – 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා වන ශකිබ් අල් හසන් හෙට තරඟයේදී බංග්ලාදේශ පිළ මෙහෙයවනු ඇති.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර බංග්ලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලිය අතර තුර ශකීබ් අබාධයකට ලක් වුණා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය අතර නිමාවූ තරඟාවලියේ සියළු තරඟ ඔහුට අහිමි වී ගියා.
හෙට තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අතර මෙම තරඟය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක් වනු ඇති.
හෙට පැවැත්වෙන තරඟයෙන් නිදහස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා ඉන්දියාව සමඟ තරඟ වඳින කණ්ඩායම තෝරා ගනු ලබනවා.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඊයේ (14) පැවති තරඟයෙන් ලකුණු 17කින් ජයගත් ඉන්දීය පිළ නිදහස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර තරඟ දෙකක තහනමක් පැනවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට හෙට පැවැත්වෙන තරඟය ද අහිමි වනවා.