කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති අර්බුදයට මෙතෙක් විසඳුමක් ලබා නොදීම නිසා ඇතිවී ඇති අර්බුදකාරී තත්වය හමුවේ IPL තරඟ චෙන්නායි නුවරදී පැවැත්වීම නුසුදුසු බව සුපිරි නළු රැජිනිකාන්ත් පවසනවා.
මේ නිසා IPL තරගා නැරඹීම ප්‍රේක්ෂකයින් වර්ජනය කළ යුතු බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම තම ප්‍රාන්තය නියෝජන කරන චෙන්නායි සුපර් කින්ග්ස් ක්‍රීඩකයින් කළුපටි පැළඳ ක්‍රීඩා කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එසේම ප්‍රේක්ෂකයින්ගෙන් ද කළු ටී ෂර්ට් පැළඳ විරෝධය පළ කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වුවත් රැජිණිකාන්ත්ගේ මෙම ප්‍රකාශය හේතුවෙන් කළු ටී ෂර්ට් පැළඳ අයි.පී.එල්. තරඟ නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවස්ථාව නොදී සිටීමට චෙන්නායි පොලිසිය තීරණය කර තිබෙනවා.