Gossips

සුපිරි ක්‍රීඩක තිසර ICCයෙන් හිමිවූ තැන

මෙරට පැවති නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුව ICC විස්සයි විස්ස ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් රැසක් සිදුව තිබෙනවා.
ඒ අනුව නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟ ද්විත්වයේ නායකයා වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා කැපී පෙනෙන ලෙස ඉහලට පැමිණ තිබෙනවා.
එහිදී තිසරට හිමිව ඇති අලුත්ම ස්ථානය 6 වන ස්ථානයයි.
විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් හටයි.
එහි දෙවන ස්ථානය පසුගිය දිනවල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පෙරළිකාර කණ්ඩායමක් වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී හට හිමිව තිබෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි තුන්වන ස්ථානය ෂකීබ් අල් හසන්ටත් සිව්වැනි තැන මාලන් සැමුවෙල් හටත් පස්වන ස්ථානය ජේ පී ඩුමිනි හටත් හිමිව තිබෙනවා.
මේ අතර නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේදී දස්කම් දැක්වූ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරු දර්ශකයේ ඉදිරියට පැමිණ තිබෙනවා.
කුසල් ජනිත් පෙරේරා එහි ස්ථාන 20ක් ඉදිරියට පැමිණ 20 වන ස්ථානයට පැමිණ ඇති අතර, කුසල් මෙන්ඩිස් ස්ථාන 27ක් ඉදිරියට පැමිණ හිමි කරගෙන සිටින්නේ 48 වන ස්ථානයයි.
කුසල් ජනිත් පෙරේරා නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගත් ක්‍රීඩකයා වන අතර ඔහු රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 204ක්.
නිදහස් කුසලාන තරඟාවලියේදී දස්කම් දැක්වූ නවක ඉන්දීය ක්‍රීඩකයන් වන වොෂින්ටන් සුන්දර් සහ යුස්වේන්ද්‍ර චහාල් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණියා.
චහාල් ස්ථාන 12කින් ඉදිරියට පැමිණ දෙවන ස්ථානය හිමිකරගෙන සිටින අතර, සුන්දර් විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ දර්ශකයේ 31 වන ස්ථානයට පැමිණ ඇත්තේ ස්ථාන 151ක් ඉදිරියට පැමිණෙමින්.
තරඟාවලියේ දී දස්කම් දැක්වූ අකිල ධනංජය පන්දු යවන්නන්ගේ දර්ශකයේ 35 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.