Gossips

සුපිරි ක්‍රීඩකයින් නවයක් පසුපසට ඇද දමමින් රබාඩා ගෝල්ඩන් බෝයි කිරුළ පළඳියි

වයස අවුරුදු 23න් පහළ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි වන "Wisden's Golden Boy" සම්මානය මෙම වසරේදී හිමිකර ගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සමත්ව තිබෙනවා.
වමත් වේග පන්දු යවන්නෙක් වන රබාඩා මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවනවා.
32කට ක්‍රීඩා කර ඇති ඔහු බිඳදමා ඇති කඩුලු සංඛ්‍යාව151 ක්.
"Wisden's Golden Boy" සම්මානය සඳහා නිර්දේශ වූ පළමු ක්‍රීඩකයින් 10 දෙනා දසදෙනා අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් තිදෙනෙකු සිටිනවා.
ඒ අනුව ඒඩන් මාර්කම් එහි තෙවන ස්ථානයේත්, ලුන්ගි න්ගිඩි නවවන ස්ථානයේත් පසුවනවා.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් මෙම ලැයිස්තුවේ හත්වන ස්ථානයට පත්ව තිබීම විශේෂත්වයක්.
"Wisden's Golden Boy" සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයින් දසදෙනා පහතින්.
01. කගිසෝ රබාඩා – දකුණු අප්‍රිකාව
02. රෂිඩ් කාන් – ඇෆ්ගනිස්ථානය
03. ඒඩන් මාර්කම් – දකුණු අප්‍රිකාව
04. බාබර් අසාම් – පකිස්ථානය
05. කුල්දිප් යාදව් – ඉන්දියාව
06. රිශ්බාහ් පන්ට් – ඉන්දියාව
07. කුසල් මෙන්ඩිස් – ශ්‍රී ලංකාව
08. මැට් රේන්ෂෝ – ඕස්ට්‍රේලියව
09. ලුන්ගි න්ගිඩි දකුණු අප්‍රිකාව
10. ෂඩාබ් කාන් – පකිස්ථානය