Gossips

සුපිරි ක්‍රීඩකයා ගැන ක්‍රිකට් පාලක මණ්ඩලය හදිසි තීරණයක් ගනී

ක්‍රිකට් දූෂණ චෝදනා එල්ල වී තිබූ ඉන්දීය පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ෂමීට නැවතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙනවා.
වසරකට ඉන්දීය රුපියල් කෝටි 3 ක් වන මෙම කොන්ත්‍රාත්තුව අත්හිටුවා තිබුණේ එංගලන්තයේ සිට ලැබුණු විශාල මුදලක් මොහොමඞ් ෂමීට ඩුබායි හි දී පාකිස්ථාන කාන්තාවක් විසින් ලබාදුන් බවට එල්ල වූ චෝදනා මතයි.
කෙසේ නමුත්, ඔහු ක්‍රිකට් දූෂණයක් සිදුකර නොමැති බව සිදුකළ පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.
එහෙත් සිය බිරිඳට නිදිපෙති විශාල ප්‍රමාණයක් දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවට මොහොමඞ් ෂමීට එල්ල වී ඇති අපරාධ චෝදනා මෙතෙක් ඉවත් කරගෙන නැහැ.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ ක්‍රිකට් දූෂණ මිස ඔහුගේ පෞද්ගලික ජීවිතය තමන්ගේ අවධානයට යොමු නොවන බවයි.
rn