Gossips

සුපිරි ක්‍රිකට් ගැටුමේ කිසිවෙකු නොදත් රහසක් එළියට

ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් පැවැති විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ නිදහස්‌ කුසලානයේ අයිතිය ඉන්දියාව සතුවූවා.
ඒ සඳහා ඉන්දියාවේ ජයග්‍රහණයට පණ පෙවූ දිනේෂ් කාර්තික්‌ කොහෙත්ම අංක හයේ පිති ප්‍රහාරය දියත් කිරීමට අකමැත්තෙන් සිටියද තමාට ඔහුව තරගය අවසන් කරන්නකු ලෙස පිටියට යෑවීමට අවශ්‍ය වූ බව නායක රෝහිත් ෂර්මා තරගයෙන් අනතුරුව පැවසුවා.
'මම අවුට්‌ වෙලා එළියට ගියා. ඒ ගිහින් මම බලාගෙන හිටියා දිනේෂ් අංක හය පහර දෙන්න අකමැති බව. ඔහුට ඒ ස්‌ථානය නොගැලපෙන්න ඇති කියලා හිතන්න ඇති. නමුත් මම ඔහුට කිව්වා අපේ තියෙන දක්‍ෂතා අනුව අවසානයේදී තරග අවසන් කරන්න ඔබට සිදුවන බව. ඒ නිසා අවසන් ඕවර දෙක තුනේදී දිනේෂ් අපේ සැලසුමේ හිටියා. ඔහු පන්දුවට පහරදුන් ස්‌ථානය ගැන සතුටු නොවුණට තරගය අවසන් කළ ආකාරය ගැන දැන් සතුටු වෙනවා' යැයි ෂර්මා සඳහන් කළා.
අවසන් පන්දු ඕවර දෙකට ලකුණු 34 ක්‌ ලබා තරගයක්‌ ජය ගැනීම යනු බැරෑරුම් කර්තව්‍යයක්.
නමුත් 19 වැනි ඕවරයේ පිටියට පිවිසි දිනේෂ් කාර්තික්‌ රුබෙල් හුසේන්ට හයේ පහර දෙකකින් සහ හතරේ පහර දෙකකින් සංග්‍රහ කරමින් එම ඕවරයේදී ලකුණු 22 ක්‌ උදුරා ගත්තා.
අවසන් පන්දු හයේදී ඉන්දියාවට අවශ්‍ය වූයේ ලකුණු 12 ක්.
පළමු පන්දු පහට ලකුණු හතක්‌ ලබා ගැනීමට සමත් වෙද්දී තරගයේ ජය තවදුරටත් බංග්ලාදේශයට බර වී තිබුණා.
එහිදී එක්‌ පන්දුවකදී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු පහ හයේ පහරකින් ලැබූ දිනේෂ් කාර්තික්‌ ඉතිහාසගත ගත ජයක්‌ ඉන්දියාවට ලබාදුන්නා.
කාර්තික්‌ගේ ලකුණු ලබා ගැනීම 6, 4, 6, 1, 0, 2, 4, 6 වශයෙන් සටහන් වූවා.
දිනේෂ් කාර්තික්‌ ඔහුට පැවරුණු රාජකාරිය හොඳින් ඉටු කළා. ඔහු අපිට අවශ්‍යම ක්‍රීඩකයෙක්‌' යැයි ඉන්දියානු නායකයා වැඩිදුරටත් කාර්තික්‌ව අගය කරමින් පැවසුවා.
කාර්තික්‌ පන්දු 8 කදී හයේ පහර තුනක්‌ සහ හතරේ පහර දෙකක්‌ සමඟ ලකුණු 29 ක්‌ ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තා.
මහේන්ද්‍ර සිං දෝනි නොමැති වීම හේතුවෙන් ඉන්දියානු කණ්‌ඩායමේ කඩුල්ල පිටුපස රාජකාරිය කාර්තික්‌ට හිමි වන්නේ දෝනි නිවාඩු ගිය විටයි.
එබැවින් ඔහු මේ වන විට ක්‍රීඩා කර ඇත්තේ විස්‌සයි විස්‌ස තරග 19 කට පමණයි.
නමුත් පළමු පෙළ විස්‌සයි විස්‌ස තරග 233 කට ක්‍රීඩා කර ඇති කාර්තික්‌ එහිදී අර්ධ ශතක 23 ක්‌ ලබා ගැනීමට සමත්ව ඇත.