Gossips

සුපිරි ක්‍රිකට් ගැටුමට ඉන්දියාව බෑ කියයි – ලංකාව හා කියයි

මේ වසර අවසානයට යෙදී ඇති ඉන්දීය පිළේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී දිවා – රාත්‍රී ටෙස්ට් තරඟයකට සහභාගි වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක මධ්‍යයේ රෝස පැහැති පන්දුවක් යොදාගෙන ඉන්දු – ඕස්ට්‍රේලියානු ප්‍රථම ටෙස්ට් තරඟය ලබන දෙසැම්බර් 6 වන දා ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබුණේ.
එහෙත් යෝජිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට සහභාගිවීමට ඉන්දීය පිළේ සූදානමක් නොමැති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය දැන්වී යැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, ශ්‍රී ලංකා පිළ ලබන වසර මුලදී ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන විට එවැනි දිවා – රාත්‍රී ටෙස්ට් තරඟයක් සඳහා කැමැත්ත පළ කර තිබෙනවා.