Gossips

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා සිය බිරිඳව නිවසින් පන්නා දමයි (ඡායාරූප)

දෑවැද්ද පිළිබඳ ගැටලුවක් පදනම් කර ගනිමින් තමාව නිවසින් එලවා දැමු බව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මොසැඩෙක් හුසේන්ගේ බිරිඳ චෝදනා කරනවා.
22 හැවිරිදි මැද පෙළ පිතිකරුවා මීර වසර 6 කට පමණ පෙර විවාහ වී තිබුනේ සිය ඥාති සහෝදරියක් සමගයි.
මෙම සිද්ධිය පිළිබඳ බිරිඳ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු පොලිසියට නියෝග කර තිබෙනවා.
ඇයගේ නීතිඥයන් සඳහන් කර ඇත්තේ දෑවැද්ද පදනම් කර ගනිමින් මොසැඩෙක් හුසේන් පසුගිය කාලය පුරාම බිරිඳට හිරිහැර කර ඇති බවයි.
අමරිකානු ඩොලර් දොලොස් දහසකට වැඩි මුදලක් දෑවැද්ද වශයෙන් ඉල්ලා මැද පෙළ පිතිකරුවා බිරිඳට හිරිහැර කර ඇතැයි නීතිඥවරුන් පෙන්වාදී තිබෙනවා.
කෙසේවෙතත් මොසැඩක් හුසේන්ගේ සොයුරා ප්‍රකාශකර ඇත්තේ විවාහය ආරම්භයේ සිටම ඔවුන් දෙපළ අතර මත ගැටුම් පැවති බවයි.
තමාට දික්කසාද වීමට අවශ්‍ය බව පවසමින් බංග්ලාදේශ මැද පෙළ පිතිකරුවා අදාළ ලියකියවිලි ද බිරිඳ වෙත යොමුකර තිබෙනවා.
කෙසේවෙතත් එම ලිපි ලේඛනවල දැක්වෙන ප්‍රමාණයට වඩා වැඩි මුදලක් ඇය ඉල්ලා සිටින බවටයි මොසැඩක් හුසේන්ගේ සොයුරා හෙළිකර ඇත්තේ.
එම මුදල නොලැබීම හේතුවෙන් ඇය විවිධ අසත්‍ය පුවත් පතුරවමින් සිටින බව ද ඔහු සඳහන් කළා.
මේ අතර බංග්ලාදේශ මැද පෙළ පිතිකරුවා සැප්තැම්බර් 13 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කුසලානයේ බංග්ලාදේශ සංචිතය ද නියෝජනය කරනවා.