Gossips

සුපිරි කතාමාලාව ගේම්ස් ඔෆ් ත්‍රෝන් හි අලුත්ම වීඩියෝව පිටවෙයි

මේ වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්’ වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්’ කතාමාලාව 2011 වසරේ ආරම්භ වූ අතර එය මේ වනවිටත් විකාශය වීම විශේෂත්වයක්.
මෙලෙස බොහොදෙනෙකුගේ අවධානය ඒ වෙත යොමුව ඇත්තේ එහි 08 වන අදියර රූගත කිරීම ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟයි.
එහි ඇති විශේෂත්වය වන්නේ මේ වනවිට තබා ඇති වාර්තා බිඳ හෙලමින් එම නිෂ්පාදන කණ්ඩායම අලුත් වාර්තාවක් තැබීමත් සමඟයි.
යුද අවස්ථාවක රූගත කිරීමක් වෙනුවෙන් එක දිගට රාත්‍රී 55ක කාලයක් රූගත කිරීමයි මෙලෙස තබා ඇති නව වාර්තාව වන්නේ.
මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යුද්ධයක් වෙනුවෙන් වැඩිම කාලයක් රූගත කිරීම් සිදුකරනු ලැබුවේ මෙම දර්ශන වාරය බවයි.