Gossips

සුනිල් ශාන්තට පැන යාමට සහය වූ සැකකරු රිමාන්ඩ්

කොළඹ – රිමාන්ඞ් බන්ධනාගාරයේ සිටි සුනිල් ශාන්ත නැමැති හෙරොයින් ජාවාරම්කරුව, මුදවාගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, සැකකරු අලූත්කඩේ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අනිද්දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්තට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
32 හැවිරිදි මහේෂ් ඉන්දික නැමති මොහු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.