Gossips

සුනිල් ශාන්තට පලායාමට සහයවූ සැකකරු ලූණුගම්වෙහෙරේදී අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්තට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලායාමට සහය වූ ප්‍රධාන සැකකරු ලූණුගම්වෙහෙර – දෙව්රම්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි.
පසුගිය වසරේ නොවැම්බර් 17 වනදා බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස් වලාගෙන පැමිණි පිරිසක් විසින් සුනිල් ශාන්ත නැමැත්තා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් රහසිගතව රැගෙන ගොස් තිබුණා.
පසුව ඔහු මහනුවර – මීමුරේ ප්‍රදේශයේ සැඟව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මස 11 වන දිනයි.