සුනාමි ව්‍යසනය සිදුවී වසර 14 ක් ගතවන අද (26) දිනයේදී එම ව්‍යසනයෙන් මියගිය සියලූ ජනතාව සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලූ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක කාලයක් මෙම නිශ්ශබ්දතාවය පවත්වාගෙන යන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.
එසේම අද (26) යෙදී ඇති ජාතික ආපදා සුරක්ෂිත දිනයට සමගාමීව සියලූ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් සහ සර්වආගමික වැඩසටහන්ද සංවිධාන කර තිබෙනවා.